Monday, January 9, 2012

අතීතය..... වර්තමානය..... අනාගතය..........

මගේ පුංචි දූ ........
තාත්තා උපන්දිනේට  ගෙනත්  දුන්නු
මගේ පුංචි බෝනික්කා......... කියමින්
පුංචි බෝනික්කා .............................
දොයි....දොයි....දොයිය බබා............
කියා උකුලේ තියාගෙන නලවනවා...
මුහුණට හාදු තියනවා.......................
හෙමිහිට හිස අතගානවා...................
මා දෙස බල බලා..............................
හුරතල් කිරි සිනා පපා.......................
මා කරනා දේම කරනවා...................
මගේ පුංචි දුවේ.................................
ඔයා දිහා බලන් ඉද්දි
මටත් මගේ පුංචි කාළේ සිහිවෙනවා...

අද මම නුඹේ පුංචි මල්ලි
මා උකුලේ තියා.........................................
නුඹ නැ‍ලෙවුවා වාගේ ආදරයෙන් නලවනවා
මේ බලන්න පුංචි දුවේ

මල්ලියා නු‍ඹේ හිනෙන් හිනැහෙනවා............
මගේ අක්කා ළග ඉන්නවා කියලා දැනිලා.....
අක්කට හිනා පානවා...................................

අක්කත් ඒ දිහා බලන් මල්ලියාට
හිනා පානවා...............................................
මගේ පුතේ නුඹ දෙදෙනගේ ඔය කිරි සිනා
මායි නුඹේ තාත්තයි ජිවත් කරවනවා...........

කවදා හරි දවසක මගේ පුංචි දූ ලොකු වුණාම
බෝනික්කා වෙනුවට
චුටි බබෙක් උකුලෙ තියන්
නලවාවි ආදරයෙන්.....................................
එදාට මායි නුඹේ තාත්තයි
ආදරයෙන් අපේ මිනිබිරි
උකුලේ තියාගෙන නලවන්නම්....................
ඒ නලවනකොට තාත්තා නුඹේ කියාවි
මිනිබිරියක් මදි සීයට
තව පුංචි මුනුබුරෙකුත් ගෙනත් දෙන්න ........
මගේ පුංචි දුවේ කියලා.................................


Monday, January 2, 2012

මා හිමියනි අසරණයි දෑස් යුග........

මා හිමියනි.....................
අසරණ දෑස් යුග
ඔබෙි රත්තරන් මුහුණ
මත නතරව
සන්සුන් කරන්නට
බලා හිදිමි
නුඹ ළග නතර වුණු
මගේ පෙම් හිත.............


මා හිමියනි......................
ඔබ සුදු නෙළුමය
මා සිත් විලෙහි සුපිපි
ඉමිහිරි සුගන්ධය
සිත් පුරා විහිදුවන
මා එ් සුවද විදින
නුඹ මා සිත් තුල සුරකින
නුඹේ පතිනියයි.............


මා හිමියනි........................
කුමක් කරන්නද
සැමදා නුඹ ළග රැදී
නුඹ දෙස බලා සිටින්නට
පින් මද වු කල
බලා සිටිමි
නුඹ එන තුරා
කදුලින් බරව
අසරණ දෑස් යුග..................