Monday, January 2, 2012

මා හිමියනි අසරණයි දෑස් යුග........

මා හිමියනි.....................
අසරණ දෑස් යුග
ඔබෙි රත්තරන් මුහුණ
මත නතරව
සන්සුන් කරන්නට
බලා හිදිමි
නුඹ ළග නතර වුණු
මගේ පෙම් හිත.............


මා හිමියනි......................
ඔබ සුදු නෙළුමය
මා සිත් විලෙහි සුපිපි
ඉමිහිරි සුගන්ධය
සිත් පුරා විහිදුවන
මා එ් සුවද විදින
නුඹ මා සිත් තුල සුරකින
නුඹේ පතිනියයි.............


මා හිමියනි........................
කුමක් කරන්නද
සැමදා නුඹ ළග රැදී
නුඹ දෙස බලා සිටින්නට
පින් මද වු කල
බලා සිටිමි
නුඹ එන තුරා
කදුලින් බරව
අසරණ දෑස් යුග..................

No comments:

Post a Comment