Wednesday, November 30, 2011

ඔබත් කේළම් කියන අයෙක්ද....?

            ප්‍රිය බව, හිතවත් බව බිදවිම  ෙක්ළම  ෙලස බුදුන් වහන්සේ දේශනා කර තියෙනවා.ඒනම් තිදොරින් කරන අකුසලයන් අතර වචනයෙන් කරන අකුසල කර්මයනට  කේළම් අයත්  වෙනවා.
අැත්තටම කේලම් කියන්නේ  මොනවාද?


කේළමක් සම්පුර්ණ වීමට කරුණු 02 ක් ඉටු විය යුතුයි.ඒවා නම්,

  1. සිත් බිදවිමට, හිතවත් බව නැති කළ යුතු යැයි සිතු දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු සිටිම.
  2. ඔවුනු බිදවිමේ, වෙන්කිරිමේ අදහසක් අැති වීම.
  3. ඔවුන් බිදවිම උදෙසා යමක් පැවසීම.


  4. ඒම පැවසූ දේ අසන්නන් පිළිගැනීම.
  5. ඒ  ෙහයින් සමගිව සිටි අය විරසක වීම.
             ෙමන්න  ෙම් කරුණු ඉටු වුණාම  ෙක්ළම  සම්පුර්ණ  ෙවනවා.
අැයි  ෙක්ළමි කියන්නේ?
කේළම් කියන්න සාමාන්‍යයෙන් ප්‍රධාන  ෙහ්තු  ෙද්කක් හදුනා ගන්න පුළුවන්.
  1. දෙදෙනෙකුගේ  ෙහා් කිහිප  ෙදනෙකුගේ මිත්‍රත්වය, සම්බන්ධතාවය බිද දමා පහත් සතුටක් ලැබීමට.
  2. අන් අය තමා වෙත පහදවා ගැනීමට.
කේළම් කියන විදි....
           ෙක්ළම් කියන විදිත් ප්‍රධාන වශයෙන් දෙවිදිහක් තියෙනවා.
  1. ඒක තැනකින්, යම් කෙනෙකුගෙන් අහපු,දැකපු දේයක් තැන තැන කියා යාම.
  2. ඒසේ අහපු, දැකපු දේට තව තව දේවල් ඒකතු කරමින් කිය කියා යාම.
මේ කොහොම මොන විදිහට කිවුවත්  කේළම් කීම  හොද දෙයක් නම් නෙමෙයි.ඒක ලොකු අකුසල කර්මයක්.කේළම හරිම භයානකයි.ඒවා කියන අයටත් අහන අයටත් දෙගොල්ලන්ටම හානි කරයි.කේළම ගෙයක්, ගමක්, නගරයක්, රටක් විතරක්  නෙවෙයි ලෝකයම විනාශ කරන්න තරම් බලයක් තියෙනවා.අද සමාජයේ  කේළම් කියලා වැජබෙන අය ඔ්න තරම් ඉන්නවා.ඒ අය අදුනගෙන ඔවුන්ගෙන් අැත්ව ජිවත් වීම අපි කාටත් හොදයි.
අපේ ඉස්සර ගමේ මිනිසුන් කේළම් කියන අය නරි ගති ඇති අය විදිහටයි හැදින්වුවේ. ඒ ඇයි දන්නවද අපේ පන්සිය පනස් ජාතක පොතේ එන සන්ධිභේද ජාතක කතාවේ එන පරිදි මිතුරුව විසු සිංහයෙක් හා ගවයෙකු සමග මිතුරු වු නරියෙක් කේළමි කියලා ඔවුන් විරසක කර දෙදෙනා රණ්ඩු කර මැරිමට හැර දෙදෙනාගෙම මස් කා සතුටු වු කපටි නරියෙකු සිහි කරමින්.
කේළම් කියන එක ලොකු පවක්.ඒ පවු මේ ආත්මයේ විතරක් නෙමෙයි ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා විපාක ගේනවා.ඒ නිසා අපි කේළම් කියන් එකෙනුත් මිදිලා කේළම් කියන අයගෙනුත් ඇත් වෙලා ඉමු.
ලෝවැඩ සගරාවේ කේළම් කියන නරක ගතිය ගැන මෙන්න මෙහෙම කියනවා.

            පිසුණු කියා සහ දෙනමක් වෙනස්                                      කොට
            පැසුණු එකෙන් නිරයේ කල්පයක්                                         සිට
            මුහුණු කණුව තව ප්‍රේතව විද                                             ගැහැට
            පිසුණු බසක් නොකියව් අද පටන්                                          සිට

         


No comments:

Post a Comment