Wednesday, November 9, 2011

මගේ ගැන............ටිකක්.

භාතියගම ගමේ ජිවත් වෙන මම මල්ෂා සමාධි.දැනට A/L ඉවර කරලා ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් ඉන්නවා.මේ මං ගැන ගොඩක් අය දන්න දේවල්.දැන් කියන්නේ සමහර අය දන්න තවත් අය නොදන්න මං ගැන   විස්තර ටිකක්.....
මම වැඩිය කතා නැති මගේ පාඩුවේ ඉන්න කෙනෙක්.මේ නිසා සමහර අය හිතනවා මම හරි ආඩම්බර කෙනෙක් කියලා.ඒකෙත් එක අතකට වැරදිත් නෑ.මම  ටිකක් ආඩම්බරයි.මොකද ආඩම්බර කම ගැනු ළමයෙකුගේ ලස්සන තව වැඩි කරනවනේ.මම සින්දු අහන්න කතන්දර අහන්න ගොඩක් ආසයි.තව ලස්සන ඕන දේකට ගොඩක් ආසයි.ටිකක් හැගිම් බරයි.ඕන දේකට හරි ඉක්මනට කලබල වෙනවා.ඒක නිසා බැනුම් අහලත් තියෙනවා.ඒත් ඒක නැති කර ගන්නත් බැනේ.තව ඕන දේකට පොඩ්ඩ ඇත්නන් අඩනවා.දුකට, සතුටට, බයට ඔය ඕන දේකට අඩනවා.ගොඩක් මම තනියම හින ලෝක වලට වෙලා ඉන්නත් කැමතියි.මගේ ජිවිතේම ලස්සන හීන ලෝකයක්.මෙහෙම කිවුවම ඇතිනේ.තව කියවන්න ගියොත් මමත් මහ පම්පෝරි කියවන කෙනෙක් වෙයි.මම එහේම අයට චුට්ටක් වත් කැමති නෑ....එහේනම් නවතින්නම්....

No comments:

Post a Comment