Wednesday, November 16, 2011

මෙතරම් ගැරහුම් ලද යුතු තැනක්ද පොලිසිය...

       කාකි පාට නිළ ඇඳුමෙන් සැරසිලා ගිනි අවියක් අතට  ෙගන ඉන්න පොලිස් නිළදාරීන් දුටු විට ඔබට බය හිතෙනවා වෙන්න පුළුවන්.ඒත් ඔවුන් රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන දේශයේ මුර දේවතාවුන් හා සමාන වුවෝය.ඒනිසා පොලිසිය කියන නම අහන පමණින්,  පොලිස් නිළදාරියෙකු දුටුව පමණින් බයවෙන්න පලායන්න ඕන අපි වරදක් කරනවානම් විතරයි  ෙන්ද?
       පොලිසිය සමාජයට සේවය කිරිමට හිත සුව පිනිස තිබෙන පොදු ස්ථානයකි.රටේ නිතිය හා සාමය සුරකීමේ වගකීම ඔවුන් අත දරා සිටිනවා.ඒ වගකීමට බැදි වග වී සිටින ඔවුන් එය ඉටු කිරිමට තම දිවි දෙවැනි කෙට ගන්නා වෙහෙස මහන්සිය කැපවිම නොතකා කරන ගැරහිලි කියන දෑ අපේ සමාජයේ පහත් බව පෙන්නන තවත් එක් අවස්ථාවක් විතරයි.මේ ගැන කතා කරන්න කලින් අපේ පොලිසියේ ඉතිහාසය ටිකක් දැනගෙන ඉමු.
        1796 දී ඉංග්‍රිසි ජාතින් විසින් අපේ රටේ මුහුදු බඩ ප්‍රදේශ අල්ලා ගත්තායින් පසුව අපේ රටෙත් පොලිස් බලකායක් බිහිවුණා. ඒ ඉංග්‍රිසින්ගේ වගාවන්, කාර්යාල, නිවාස, ගබඩා ආදිය ආරක්ෂා කරන්න හා මෙරට මිනිසුන්ගේ විරෝධතා මැඩපවත්වන්න.මේ අනුව 1806 දී ආදායම් විධානේවරුන් ලෙස සෑම ගමකටම එක් අයෙකු බැගින්වකත් වන පරිදි පොලිස් විධානේවරුන් පත්කළේය. මෙවුන්ට සැක සහිත ස්ථාන පරීක්ෂා කිරීමටත් සැක සහිත වූවන් අත්තඩංගුවට ගැනීමටත් බලය තිබුණි.1863 දී පොලිස් අධිකාරි ලෙස පැවති තනතුර 1866 දී පොලිස්පති ලෙස සංශෝධනය වු අතර මෙරට ප්‍රථම පොලිස්පති වුයේ ජෝර්ජ් විලියම් රොබින්සන් බැම්බල් මහතාටය.ඉන් පසුව 1913 දී එම්. එල්. ඩවුබිගින් මහතා පත්වු අතර ඔහුගේ වසර 24ක් පමණ  වු අනගි සේවා කාලය තුළ නියෝජ්‍ය පොලිස්පති තනතුර, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව, පොලිස් ඉතිරි කිරිමේ සංගමය, පොලිස් මහජන සම්බන්ධතා කාර්යංශය, ළමා සුභසාධන අංශය ආදි අංශ රැසක්ම හදුන්වා දෙමින් ඉතා අනගි සේවාවක් ඉටු කළේය.එම කාලය පොලිසියේ ස්වර්ණමය යුගය ලෙස සලකන්නේද ඒ නිසාය.1947 වසරෙදී ප්‍රථම ලාංකීය පොලිස්පති ලෙස ශ්‍රීමත් රිචඩ් අළුවිහාරේ මහතා පත් විය.එතැන් සිට අද දක්වාම එම තනතුරට ශ්‍රි ලාංකිකයින්ට උරුමකම් ලැබුණි.
       අද වන විට පොලිස් සේවයේ නිළතලයන් පහත පරිදි බෙදි ගොස් ඇත.


  • පොලිස්පති.   IG
  • ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති.   SDIG   
  • නියෝජ්‍ය පොලිස්පති.   DIG
  • ජේෂ්ඨ පොලිස් අධිකාරී.   SSP
  • පොලිස් අධිකාරී.   SP
  • සහකාර පොලිස් අධිකාරී.   ASP
  • ප්‍රධාන පොලිස් පරීක්ෂක.    CI
  • පොලිස් පරීක්ෂක.   IP
  • උප පොලිස් පරීක්ෂක.   SI
  • මහ සැරයන්.   SM
  • සැරයන්.   PS
  • කොස්තාපල්.   PC
  • මහ සැරයන් (රියදුරු)   SMD
  • පොලිස් සැරයන් (රියදුරු)    PSD
  • පොලිස් කොස්තාපල් (රියදුරු)   PCD



         ෙපාලිස් නිළ අැදුම 1815 සිට 1844, 1848, 1866, 1925, 1947 යන  කාල වකවානු වල දී  ෙවනස් වීම් වලට ලක් ෙවමින් පැමිණ වර්ථමානෙය් පවතින කාන්තා නිළ අැදුම 1954 දීත් පිරිමි නිළ අැදුම 1975 දීත් නිර්මාණය වුණේය. වර්තමාන  ෙපාලිස්පති  ෙලස ඒම්. ෙක්. ඉලංගකෝන් මහතා කටයුතු කරන අතර දැනට  ෙපාලිස්  ෙස්වයේ නිරත වුවන් 80,000ක් පමණ සිටී.ඉතිරි ටික පස්සේ  ෙහා්දේ......

No comments:

Post a Comment